තලංගම වෙඩි තැබීමක් : සැමියා මියයයි : බිරිය රෝහලේ

2018-02-18 11:04:00       701
feature-top
තලංගම, විමලතිස්ස මාවත ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව සැමියා මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (18) අළුයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම ‍ සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වී නිදා සිටි මෙම අඹුසැමි යුවළට වෙඩි තබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සැමියා මිය ගොස් ඇති බව සඳහන්ය.

තුවාල ලබා ඇත්තේ 48 හැවිරිදි කාන්තාවක සහ මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි ඇයගේ ස්වාමි පුරුෂයා බව සඳහන්ය.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් සහ හිස් පතරොම් කොපු තුනක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »