12ට අඩු දරුවන් අපරාධ වගකීමෙන් නිදහස්

2018-02-18 10:44:00       815
feature-top
වයස අවුරුදු 12 ට අඩු දරුවන් හට අපරාධයක වගකීම නොපැවරීමට අදාළ නීති සම්පාදනය කිරීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙතෙක් අපරාධයක වගකීම පැවරීමේ වයස් සීමාව වයස අවුරුදු 08 ලෙස පැවැතිණි.

කෙසේවුවද, වයස අවුරුදු 12ට අඩු මට්ටමද ඉතාම ලාබාල වයස් සීමාවක් සේ වෛද්‍යවරුන් විසින් කරන ලද නිර්දේශ සලකා අධිකරණ අමාත්‍යංශය මේ තීරණය ගෙන ඇති බව පැවසේ.

එසේම වයස අවුරුදු 12ට වැඩි 14 ට අඩු ළමයකුට යම් අපරාධ චෝදනාවක් එල්ලවන විට එම වරද කිරීමේදී එහි බැරෑරුම්කම තේරැම් ගැනීමට තරම් මේරූ බුද්ධියක් එම ළමයාට තිබුණේද යන්න පිළිබඳ තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ලබාදීමට ද අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊට අවශ්‍ය දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවද පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »