ගෝඨා ජනාධිපතිවරණයට සැරසේ ! ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී !

2018-02-14 11:23:00       538
feature-top
ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙයි.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට පූර්ව තත්වයේ ඇති බවයි.

ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයි වාර්තා පල වුවත් ඒ මහතා කිසිදු එවන් ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැත.

19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නොමැත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ග්‍රීන්කාර්ඩ් පුරවැසිභාවය අහෝසි කරන්නට කර ඇති ඉල්ලීම විකිපීඩියා තුළ සඳහන් වූ අයුරු.

කර්තෘ සටහන : අන්තර්ජාල සබඳතාවයක් ඇති ඕනෑම කෙනෙකු හට විකිපීඩියා පිටු සංස්කරණය කළ හැකි අතර, මේ වන විට රාජපක්ෂ මහතා ගේ පිටුවේ ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ද යළි සංස්කරණය කර තිබේ. ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමට ඉල්ලීමක් සිදුකර ඇතැයි යන කොටස මේ වන විට එම පිටුවෙන් ඉවත් කර තිබේ.


More News »