මත්පැන් බිව්වත් නොබිව්වත් වැළඳීමට ඉඩකඩ ඇති ‘සිරෝසිස්’

2018-02-14 10:14:00       265
feature-top
සිරෝසිස් යනු මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගයක් නම් නොවේ. මෙය මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි වන්නේ එක්කෝ ස්කෑන් පරීක්ෂණයක්, නැත්නම් රුධිර පරීක්ෂණයක් මඟින් පමණයි. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා සාමාන්‍යයෙන් කිසිවෙකුත් රෝගය සම්බන්ධයෙන් විවිධ වූ පරීක්ෂණ සිදුකිරීමට යොමු වන්නේ නැහැ. ඒ අනුව හදිසියේ හෝ  SGPT/OT පරීක්ෂණයක් සිදුකර බැලුවොත් පමණක් රෝගී තත්ත්වය හඳුනාගත හැකි වේ. මෙම තත්ත්වය ‍ෆැටි ලිවර් (Fatty Liver) ලෙසින් හඳුනාගත හැකි අතර එවැනි රෝගියෙකුගේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලු විට අක්මාවේ තෙල් තට්ටු පවතින අයුරු දැකගත හැකි වේ.

අක්මාව
අප ශරීරයේ පවතින ශක්ති ගබඩාව වන්නේ අක්මාවයි. අප ආහාර නොගෙන දවසක් පමණ සිටියත් ශරීරය ප්‍රාණවත්ව තබාගැනීමට උදව් වන්නේ අක්මාවෙන් නිකුත් කරන ශක්තියයි. මෙයට අමතරව ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත් යුෂ නිපදවීමත්, ආහාර මාර්ගයෙන් අක්මාවට විෂක් ඇතුළු වුවහොත් ඒවා ශරීරයේ අනෙකුත් අවයව පුරා විසිර යාමට නොදී ආරක්ෂා කිරීමත් කරන්නේ ද අක්මාවයි. මෙවැනි වූ විශාල කාර්යභාරයක් ඉටුකරන අක්මාව රෝගී වීම මතයි සිරෝසිස් නම් රෝගී තත්ත්වය හටගන්නේ.

‘සිරෝසිස්’සඳහා ප්‍රධානම හේතුව මත්පැන් ද?

සිරෝසිස් රෝගය හටගැනීමට ප්‍රධානම හේතුව මත්පැන් බව අප අසා තිබෙනවා. ඒ අනුව නිතර නිතර මත්පැන් පානය කිරීම නිසා අක්මාවට සිදුවන හානි මත අක්මාව අකර්මන්‍ය වීමෙන් ඇල්කොහොලික් සිරෝසිස් (Alcoholic Cirrhosis) නම් රෝගී තත්ත්වය ඇතිවන අතර අප සුලභව දකින සිරෝසිස් රෝගී තත්ත්වය මෙයයි.

නමුත් කිසිදු දිනෙක මත්පැන් පානය නොකළ අයෙකුට ද සිරෝසිස් වැළඳිය හැකි බව ඔබ දන්නවාද? කලාතුරකින් සිරෝසිස් වැළඳුනු දරුවන් පිළිබඳ තොරතුරු ද අසන්නට ලැබේ. ඒ අනුව සිරෝසිස් හටගැනීමට බලපාන එකම කාරණය වන්නේ මත්පැන් නොවේ. මත්පැන් යනු සිරෝසිස් හට ගැනීමට බලපාන එක් හේතුවක් පමණයි. වෙනත් රෝග වල ප්‍රතිඵලයක් ලෙස ද සිරෝසිස් රෝගී තත්ත්වය ඇතිවිය හැකි බවයි අදහස.

‘සිරෝසිස්’ හි මුල් අවස්ථා
නෑෂ් රෝගය (Nash- Nonalcoholic steatohepatitis)
මෙය බහුලව පවතින අක්මා රෝගයක්. නෑෂ් රෝග තත්ත්වය හට ගැනීමට බොහෝ විට බලපාන රෝග කාරක කිහිපයක් වෙනවා.

තෙල් සහ සීනි සහිත ආහාර වැඩිපුර ගැනීම
ශරීර ස්ථුලතාව
අධික ලෙස ආහාර ගැනීම
ශරීරයට ව්‍යායාම අඩුවීම
ඒවා අතර වෙනවා. නෑෂ් රෝගයෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සිරෝසිස් තත්ත්වයයි.

විල්සන්ගේ රෝගය (Wilson’s Disease)
සිරුරේ තඹ (copper) ප්‍රමාණය වැඩි වීම මත හටගන්නා රෝගයකුයි තඹ විෂ වීමේ රෝගය හෙවත් විල්සන්ගේ රෝගය. මෙය සිරෝසිස් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති පරම්පරාගත ජාන මඟින් වැළඳිය හැකි රෝගයක් වෙනවා.

මෙය කලාතුරකින් යමෙකුට හටගත හැකි ජාන මඟින් හටගන්නා රෝගයකක්. මෙම රෝගයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු සහ අක්මාව ක්‍රමයෙන් විනාශ වන අතර අවසාන ප්‍රතිඵලය වන්නේ සිරෝසිස් රෝගී තත්ත්වයයි.
මෙම රෝගී තත්ත්වයේ දී සිදු වන්නේ අක්මාවේ යකඩ තැන්පත් වී යකඩ විෂ වීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ද සිරෝසිස් රෝගී තත්ත්වයයි.

ඉහතින් දැක්වූ පරම්පරානුගත රෝග වන විල්සන්ගේ රෝගය (Wilson’s Disease), ඇල්ෆා වන් ඇන්ටි ට්‍රිප්සින් ඩෙෆිෂන්සි (Alpha One Anti Trypsin Deficiency), හිමක්‍රෝමැටෝසිස්  (Hemochromatosis) ආදී රෝග වැළඳීමට බොහෝ විට ලේ ඥාතින් අතර සිදුවන විවාහ බලපානු ලබනවා.

රෝග ලක්ෂණ
සිරෝසිස් රෝගියෙකුට මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළත්, පසුව රෝගය උග්‍ර වූ විටෙක පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් පහත සියලුම රෝග ලක්ෂණ සියලුම සිරෝසිස් රෝගියෙකුගෙන් දැකගත හැකි වන්නේ නැති අතර සමහර ලක්ෂණ පමණක් මතු විය හැකියි.

courtesy : roar.media 

More News »