රනිල්ගේ ආණ්‌ඩුවට ශ්‍රීලනිප ඇමැතිවරු 08 ක් !

2018-02-14 09:47:00       533
feature-top
එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියේදී හදන තනි ආණ්‌ඩුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 08 දෙනෙකුද ද එක්‌වන බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුතෙන් හදන මෙම ආණ්‌ඩුවට ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් එක්‌කර ගැනීම පිළිබඳව එක්‌සත් ජාතික පක්‌ෂයේ අනුමැතිය පළවී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව හදන ආණ්‌ඩුවේ ඇමැති ධුර භාර නොගත්තත් එම ආණ්‌ඩුවට සහය පළකිරීමට මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය එකඟවී ඇත.

එම පක්‌ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 16 ක්‌ හිමිය.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පෙරමුණට මේ වන විටත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා හා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් නොමැතිව ආසන 106 ක බහුතරයක්‌ පවතී.

අගමැතිගේ ස්ථාවරය :

මේ අතර ඊයේ පස්වරුවේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ඡාවකදීද දැනට රජය මුහුණ දී ඇති අර්බුදයට එකම විසඳුම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි රජයක් ස්ථාපිත කිරීම බවට අවධාරණය කර ඇතැයිද වාර්තා වේ.

එජාප නායකත්වයේ වෙනසක් විය යුතු බවට ඇතැමුන් අදහස් පළ කළද, පක්ෂයේ ක්‍රියාකාරීත්වය පදනම් වන්නේ එක් එක් පුද්ගලයන්ට හෝ වෙනත් පක්ෂවල අවශ්‍යතා මත නොව පක්ෂයේ තීන්දු තීරණ මත බවද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙන බවද දැනගන්නට ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

More News »