පළාත් පාලන ආයතනවලටත් පිං මන්ත්‍රීලා පත් කළ හැකියි 

2018-02-14 09:16:00       534
feature-top
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසයකට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයකුට සමානුපාතික ලයිස්තුව යටතේ මන්ත්‍රීධූරයක් හිමිකර ගැනීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

සමානු පාතික ලයිස්තුවෙන් පත් කිරීම් කිරීමේ සම්පූර්ණ බලය ඒ ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට ස්වාධීන කණ්ඩායමේ නායකයාට තිබෙන බව බවද ඒ අනුව අවශ්‍ය නම් පරාජයට පත්වූ අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට ඔවුන්ට බලය තිබෙන බවද කොමිෂන් සභාව කියා සිටී.

කෙසේවුවද, තරග කරන ලයිස්තුවේ හෝ සමානුපාතික ලයිස්තුවේ හෝ නම සඳහන් නොවන කිසිදු අපේක්ෂයකුට පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නොහැකි බවද එම සභාව සඳහන් කරයි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »