ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් වෙතින් “Comfort Dwellings“

2018-02-12 10:59:00       210
feature-top
මෙරට නවීන නිවාස හා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ නිරත නව සමාගමක් වන වන “ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් “ නව වසර වෙනුවෙන් සිය නවතම පහසු මිලට නිවාස සැපයීමේ ව්‍යාපෘතිය වන “Comfort Dwellings“ දියත් කරයි.

“Comfort Dwellings“ උසස් තත්වයේ නිවාස පහසු මිලට සැපයීමේ ව්‍යාපෘතියක් වන අතර එම නිවාස නවීන ගෘහ නිර්මාණය ශිල්පයට අනුව ඉදිකල නිවාස වීම විශේෂත්වයකි. තිරසර ජීවන රටාව තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම නිවාස ඉදිකර තිබේ. ඉතා වේගයෙන් සංවර්ධනය වන තලාහේන, මාලඹේ, අතුරුගිරිය, තලංගම, කඩුවෙල, කොට්ටාව සහ හෝමාගම යන ප්‍රදේශවල මෙම “Comfort Dwellings“ නිවාස ඉදිකෙරෙයි. නවීන පවුලක ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදිවන මෙම නිවාස එම අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගැනීම සදහා සුදුසු ස්ථානවල පිහිටීමද විශේෂත්වයකි. තනි මහල් හෝ දෙමහල් වශයෙන් ඉදිවන මෙම නිවාස වර්ග අඩි 1000ක ප්‍රමාණයකින් යුක්ත වෙයි. නිදන කාමර් 2ක් හෝ 3ක්, නාන කාමර දෙකක්, වාහන නැවතුම් ස්ථාන දෙකක්, මුළුත්නගෙය, කෑම කාමරය, ආලින්දය යනාදී සියලු අංග වලින්ද මෙම නිවාස සම්පූර්ණ වෙයි. මෙම නිවාස ඉදිකිරීමට පෙර ලෑන්ඩ්මාර්ක් හි ගෘහ නිර්මාණ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පාරිභෝගිකයින්ට සිය අවශ්‍යතාව අනුව නිවාස සැලසුම් වෙනස් කර ගත හැකි වීම ද මෙහි විශේෂත්වයකි. මධ්‍ය පරිමාණ ආදායම් ලබන්නන් වන ජ්‍යෙෂ්ට විධායක තනතුරුවල නිරත වන්නන්, කළමණාකරුවන් සඳහා වඩාත් යෝග්‍ය ආයෝජනයක් ලෙස මෙම “Comfort Dwellings“ නිවාස හැදින්විය හැකිය.

සෑම “Comfort Dwellings“ නිවසක්ම පළාත් පාලන ආයතනයේ අනුමැතිය සහිතව මිනුම් වාර්තා ලබාගැනීමෙන් පසු ඉදිවන නිසා මේම නිවාස සඳහා බැංකු ණය පහසුකම් ලබාගැනීම , බදු වරප්‍රසාද, නීතිමය හා උපදේශන සේවා,ජල හා විදුලි පහසුකම් ලබාගැනීම,ස්ථාවර දුරකථන සේවා ලබාගැනීම, කේබල් රූපවාහිනි සේවා ලබාගැනීම සහ නඩත්තු කටයුතු යනාදී සියලු කටයුතු සඳහා පහසු වෙයි. මෙම නිවාස ඉදිකිරීම සඳහා වන අමුද්‍රව්‍ය ලබාගැනීමේදී දේශිය සමාගම් වලට ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් විසින් මුල්තැනක් දී ඇති අතර එහිදී තත්වයෙන් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පාරිභෝගික විශ්වාසය දිනු නිෂ්පාදන සදහා මුල් තැනක් ලබා දීමට නියමිතය.

ගෘහ නිර්මාණ නිර්මාණ ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් සහිත ව්‍යාපාරික කාන්තාවක් විසින් මෙහෙයවන නිර්මාණශීලි කණ්ඩායමකින් සමන්විත ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් නිවාස හා දේපළ ක්ෂේත්‍රයේ සියලු විසඳුම් එකම වහලක් යටදී සපයන සමාගමක් වන අතර සිය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරදීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ආයතනයකි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ උපදෙස්, නීති හා මූල්‍ය සේවා ආදී සේවාවන් රැසක් ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් විසින් සපයනු ලබයි. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්ත හා සම්බන්ධ වෙමින් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි, පර්ත් සහ බ්‍රිස්බෙන් යන ප්‍රාන්ත වල දේපළ ක්ෂේත්‍රයේ කටයුතු රැසකට ලෑන්ඩ් මාර්ක් ඩිවෙලොපර්ස් මැදිහත් වී තිබේ.

“Comfort Dwellings“ සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් හි කළමණාකාර අධ්‍යක්ෂ එක්සිත් හපන්ගම මහතා සඳහන් කළේ වේගයෙන් වර්ධනය වන නාගරික නිවාස සැපයුම්කරුවෙකු වශයෙන් වත්මන් නිවාස ‍වෙළඳ පලේ මධ්‍ය පරිමාණ ආදායම් ලබන්නන්ගේ නිවාස අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් මෙම නව සංකල්පය ඉදිරිපත් කළ බවයි. මේ යටතේ රුපියල් මිලියන 8 ක් වැනි පහසු මිලක සිට ඉහළට කොළඹට ආසන්න නගර වන තලාහේන, මාලඹේ, අතුරුගිරිය, තලංගම, කඩුවෙල, කොට්ටාව සහ හෝමාගම ආදී ප්‍රදේශවලින් ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය. “ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර දේපළ විසදුම් සපයන්නා “ බවට පත්වීමේ දැක්ම සහිත ක්‍රියාත්මක වන තම සමාගම එම අරමුණු ඉටුකරගැනීමට තැබූ ප්‍රබල පියවරක් ලෙස මෙම “Comfort Dwellings“ සංකල්පය හැඳින්විය හැකි බවද එක්සිත් හපන්ගම මහතා වැඩිදුරටත් පැවසීය. නවීන පන්නයේ නිවසක් තම අවශ්‍යතාවලට සරිලන පරිදි ඉදිකරවා ගැනීමට පාරිභෝගිකයාට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බව ද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ නවීන සමාජය හා බද්ධ වීමේ වර්තමාන පරපුරේ සමාජයීය අවශ්‍යතා ව මැනවින් වටහා ගනිමින් මෙම නව සංකල්පය ඉදිරිපත් කළ බවයි. උසස්තම තාක්ෂණය මෙම නිවාස සදහා යොදාගන්නා බව සඳහන් කළ හපන්ගම මහතචා පෙන්වා දුන්නේ ලොව ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට්ෆෝනය හෝ ටැබ් පරිගණකය මඟින් සිය නිවසේ සියලු කටයුතු පාලනය කළ හැකි ආකාරයට සැලසූ තාක්ෂණික විධි විධාන රැසකින් ද මෙම නිවාස සමන්විත වන බවයි.

ස්මාර්ට් තාක්ෂණය වැනි තාක්ෂණික උපාංග යොදාගැනීම තුළින් සහ තිරසර නිවසක් ආදී සංකල්ප තුළින් මෙරට නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මීළඟ යුගය බිහිකිරීමට තම සමාගම පුරෝගාමී වී ඇති බව ද හෙතෙම මෙහිද පැවසීය.

නළ ලිං සහ වැසි ජලය , සූර්ය බලය, ආදී පරිසර හිතකාමී විසඳුම් රැසක් සපයාගැනීමේ පහසුව සහිතව “Comfort Dwellings“ නිවාස සැකසෙන අතර පාරිභෝගික අවශ්‍යතාව මත එම සියලු පහසුකම් ලබාදීමට තම සමාගම සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් සුළු , මධ්‍යම සහ ඉහළ පරාසවල නිවාස හා වෙළඳ ඉදිකිරීම් රැසක් ඉලක්ක කොටගෙන කටයුතු කරන අතර ඇතැම් ඉදිකිරීම් සඳහා විශේෂඥ සහය මෙන්ම ස්වා සැපයීම ද සිදුකරනු ලබයි. Nano Homes නැමති නිවාස සංකල්පය ලෑන්ඩ්මාර්ක් ඩිවෙලොපර්ස් විසින් හදුන්වා දුන් තවත් සාර්ථක නිවාස සංකල්පයක් වූ අතර තිරසර ඉදිකිරීමක් මෙන්ම පෙර සවි ඉංජිනේරුමය කාර්යයක් ලෙස ද එම ව්‍යාපෘතිය අති සාර්ථකත්වයට පත්වූ එක් ව්‍යාපෘතියකි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »