මත්ද්‍රව්‍ය ජාවාරම් කරන නායකයෙක් මෙක්සිකෝවේදී අත්අඩංගුවට

2018-02-10 02:43:00       206
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ නායකයෙකු මෙක්සිකෝවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ජෝස් මාරියා නැමැති ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අමෙරිකාව විසින් ද වරෙන්තු නිකුත් කර ඇති අතර ඔහු හසුකරගන්නා පුද්ගලයෙකු හට අමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදල් ත්‍යාගයක්ද ලබාදෙන බවට ප්‍රකාශ කර තිබූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

අමෙරිකාව පවසා ඇත්තේ සැකකරු විසින් සෑම වසරකම කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් අමෙරිකාව තුළට ගෙන එන බවයි.

සැකකරු විසින් සිවිල්වැසියන් ඝාතනය කිරීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ද චෝදනා පවතින අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහු මෙක්සිකෝවේ සිට අමෙරිකාව වෙත යැවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »