පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් හදවත් රෝග අවදානමක්‌

2018-02-10 11:15:00       605
feature-top
පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීම ස`දහා ලොව පුරා දැනට භාවිත වන ඇතැම් ප්‍රතිකාර ක්‍රම හරහා හෘද ස්‌පන්දන රටාවේ වෙනස්‌වීම්වල සිට හෘදය වස්‌තුව අකර්මණ්‍ය වීම (හාට්‌ ෆේලියර්) දක්‌වා වූ දරුණු රෝග තත්ත්වයන් හට ගත හැකි බවට ඇමෙරිකානු හෘද සංගමය අනතුරු අ`ගවයි. 
 
 දැනට පියයුරු පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම ස`දහා භාවිත වන කීමෝතෙරපි, විකිරණ ප්‍රතිකාරය හා ඉලක්‌ක කර ගත් ප්‍රතිකාරය ඇතු`ඵ ඇතැම් පිළිකා ප්‍රතිකාරයන් අවසන් කර දිගු කලක්‌ ගත වන තෙක්‌ මෙවැනි හෘදය වස්‌තුව ආශ්‍රිත රෝග තත්ත්ව ලක්‌ෂණ මතු නොවීම නිසා ඒ පිළිබ`දව වෛද්‍යවරුන් මෙන්ම රෝගීන් ද දැඩි අවධානයකින් පසුවිය යුතු බව හෘද සංගමයේ මතය වී තිබේ.
 
 ඇතැම් විට ප්‍රතිකාර මගින් පියයුරු පිළිකාවෙන් මිදුණු අයකුට එම ප්‍රතිකාර හේතුවෙන් හට ගන්නා හෘද රෝග ලක්‌ෂණ මතුවීමට දිගු කලක්‌ ගත විය හැකි අතර ඒ නිසාම පිළිකා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ හෘදය වස්‌තුවේ තත්ත්වය ගැන රෝගියා සම`ග නිරතුරුව සාකච්ඡා කළ යුතු බව ද සංගමය පවසයි. 
 
 මෙසේ ඇතැම් පියයුරු පිළිකා ප්‍රතිකාර හේතුවෙන් හෘද ස්‌පන්දන රටාවේ වෙනස්‌වීම්, හෘදය වස්‌තුවේ කපාටවල හා රුධිර නාලවල ගැටලු හා හෘදය වස්‌තුව අකර්මණ්‍ය වීමේ තත්ත්වයක්‌ හට ගත හැකි බව ඇමෙරිකානු හෘද සංගමය විසින් ප්‍රකාශ කර තිබේ. වයස අවුරුදු 65 ක්‌ පමණ වන පියයුරු පිළිකාවෙන් ප්‍රතිකාර හරහා මිදුණු කාන්තාවන් මෙසේ හෘද රෝගවලට ලක්‌ව මියයාමේ අවදානම වැඩි බව අනාවරණය වී තිබේ. 

(under the courtesy of adaderana.lk news web)

More News »