සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීමට කැපවෙනවා

2018-02-01 12:21:00       728
feature-top
සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීම වෙනුවෙන් ඉදිරියට ද කැප වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා මන්නාරම ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

2015 ජනවාරි මාසය වන විට මේ රටේ ජනතාව අතර අසමගිය ගොඩනගා සංහිදියාව නැති කොට තිබුණා. ඒ පාලනය වෙනස් කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ ජාතින් එකට එකතු කරගෙන ඉදිරියට ගොස් යලි සංහිඳියාව ගොඩනැගීමට හැකිවුණා.

සියලූ ජන කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් අප ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටිනවා. එකට ජීවත්විය හැකි සමාන අයිතිවාසිකම් තිබෙන සමාජයක් ඇති කළා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.


(under the courtesy of news.lk news web)

More News »