කොල්ලුපිටිය අවට රථවාහන තදබදය වැඩි වෙයි

2018-02-01 09:45:00       732
feature-top
කොල්ලූපිටිය, කොම්පඤ්ඤවීදිය, නවලෝක වටරවුම සහ ඒ අවට මාර්ග රැසක රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගාලූ මුවදොර ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම වාහන තදබදය පවතින බවයි.

එම මාර්ගය 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් දින කිහිපයක් වසා තැබෙන බව පොලීසිය මීට පෙර නිවේදනය කළා.

හෙට (02) සහ අනිද්දා (03) දින වලදීද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා ගාලූ මුවදොර ඉදිරිපිට ගාලූ පාර නිදහස් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් වසා තැබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


(under the courtesy of nethnews.lk news web)

More News »