ඡන්දෙන් පස්සේ අත්සන් කරන්න යන ගිවිසුමක් ගැන කියයි

2018-02-01 09:12:00       710
feature-top
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු එට්කා ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ලසන්ත වික‍්‍රමසිංහ පැවසුවේ මැතිවරණයට මුවාවී ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කරමින් ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කර ඇති ඇතැම් නිලධාරීන් ඇතැම් ක්ෂේත‍්‍ර පාවාදෙමින් කටයුතු කරන බවටද තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීනගේ සංසදයේ ලේකම්වරයා චෝදනා එල්ල කළා.

එහිදී "මේ සාකච්ඡා කණ්ඩායමේ සිටින ඇතැම් පුද්ගලයන් ඇතැම් කර්මාන්තවලින් මුදල් ලබමින් ඒ කර්මාන්තවල උන්නතිය සඳහා පමණක් ක්‍රියා කරන ආකාරයක් දකින්නට තියෙනවා.. අපි ඉදිරියේදී ඒ පිළිබඳව හෙළි කරනවා. කොහොම වුණත් අවසානයේ ජනතාව නොමග යවා විජාතිකයින්ගේ අවශ්‍යතාවට මෙවැනි ගිවිසුම් අත්සන් කරාවි." යනුවෙන් සඳහන් කළා.

(under the courtesy of adaderana.lk news web)

More News »