යළි යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

2018-02-01 09:06:00       722
feature-top
නැවත යුද්ධයක් ඇති නොවන අයුරින් රට ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහයෝගය ද මාතෘ භූමියට හිමිව ඇති බවයි.

පශ්චාත් යුධ සමයක වගකීම නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වුවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය  නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

 මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් අශෝක වඩිගමංගාව මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් ඊයේ (31) දිනයේදී අදාළ පත්වීමේ ලිපිය භාරදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »