තැපැල් ඡන්දය මෙතෙක් සලකුණු නොකළ රාජ්‍ය සේවකයින්ට ඊට අද හා හෙට අවස්ථාව

2018-02-01 09:02:00       722
feature-top
මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය මෙතෙක් සලකුණු නොකළ රාජ්‍ය සේවකයින්ට අද හා හෙට ඒ සඳහා අවස්ථාව සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ යුතු බව ය.

තැපැල් ඡන්දය සලකුණු කිරීම ජංගම දුරකතන මගින් ඡායාරූපගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »