උතුරේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම උත්සවාකාරයෙන්

2018-01-28 09:01:00       718
feature-top
උතුරේ ගොවීන්ගේ මාස් කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම 29 දා පෙරවරුවේ වී අලෙවි මණ්ඩලය විසින් වවුනියාවේදී  උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

වවුනියාව මන්නාරම් පාරේ වෙප්පන්කුලම ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී වී මිලට ගැනීමේ අවස්ථාවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් යන මහත්වරුන්ද වී අලෙවි  මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත් බණ්ඩාර මහතා ඇතුළුව පළාතේ රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

ගොවීන්ගේ වී තොග රජයේ සහතික මිලට ලබා ගන්නා බව මේ වනවිට උතුරු ප්‍රදේශයේ සියළුම ගොවි සංවිධාන වලට දැණුම් දී ඇති අතර වවුනියාවේදී සංකේතාත්මකව  වී මිලට ගැනීම ආරම්භ කිරීමත් සමඟම උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන්ට 29 දා සිට තමන්ට පහසු වී අලෙවි මණ්ඩලයේ ගබඩාවන් වෙත වී අලෙවි කළ හැකි බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »