ඡන්ද විමසීම කඩාකප්පල් වෙන විදිහේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙන්න එපා

2018-01-28 07:14:00       718
feature-top
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් වන ආකාරයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරයි.

ඡන්ද විමසීමේ අවසන් අදියරට පැමිණ ඇති මේ මොහොතේ දී එය පැවැත්වීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද(28) පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඡන්දය පෙබරවාරි 10 දින අනිවාර්යෙන්ම පවත්වන බවත්, ආපදා තත්ත්වයකදී පමණක් එය කල් යා හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද ඒ මහතා පැවසීය.

ඡන්දය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විටත් සූදානම් බවත්, ඒ සඳහා සියලුම පාර්ශවයන්හි සහය අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »