ජනපති සහ පක්ෂ නායකයින් අතර හෙට විශේෂ හමුවක්

2018-01-28 04:59:00       845
feature-top
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා එම කැඳවීම සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කර, සියලු පක්ෂ නායකයින් වෙත ලිපි යොමු කිරීමට පියවර ගත් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව සහ බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත වේ.

(under the courtesy of newsfirst.lk web)

More News »