ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 6.6 ප්‍රබල භූ කම්පනයක්

2018-01-23 03:32:00       611
feature-top
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගොඩනැගිලි පවා සෙලවී ඇති අතර තත්පර 20 ක පමණ කාලයක් එය පැවති බව වාර්තා වෙයි

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.

(under the courtesy of adaderana.lk news web)

More News »