ඇෆ්ගනිස්ථානයේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් : පුද්ගලයින් 18ක් මරුට

2018-01-22 02:24:00       679
feature-top
ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර හෝටලයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් 14 දෙනෙකු විදේශිකයින් වන අතර සිව් දෙනෙකු ඇෆ්ඝනිස්ථාන ජාතිකයින් බවයි.

ප්‍රහාරයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 30 ඉක්මවන අතර එය තවදුරටත් ඉහළ යා හැකි බව ඇෆ්ඝනිස්ථාන නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

හෝටල් ගොඩනැගිල්ල ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට ඇෆ්ඝනිස්ථාන භටයින් දැරූ ප්‍රයත්නය හමුවේ ත්‍රස්ත ග්‍රහණයේ සිටි 160 දෙනෙකු මුදා ගැනීමටද හැකිවිය.

ප්‍රහාරය එල්ලකල ත්‍රස්තවාදීන් ති දෙනා ද ජීවිතක්ෂයට පත්වූ අතර සිවිල් වැසියන් ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.

මේ අතර ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව තලේබාන් ත්‍රස්තවාදීන් නිවේදනය කළේ ය.

(under the courtesy of newsfirst.lk web)

More News »