බැඳුම්කර කොමිසමේ වාර්තාව මට ලැබුනා

2018-01-14 07:34:00       250
feature-top
බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව මේ වන විට තමාට ලැබී ඇති බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

මට්ටක්කුළිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා කොමිසමේ වාර්තාව මේ වන විට එළියට දැමීමට නොහැකි වි ඇති බව රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් කොච්චිකඩේ ශිව කොවිලේ පැවති ආගමික වතාවත් වලට එක් වීමෙන් අනතුරුවද රවී කරුණානායක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා වල දුෂණ වංචා සෙවීම සඳහා දැන් හෝ ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන සතුටට පත්වන  බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »