චීනයට ඇමරිකාවට බිලියන 19ක දුම්රිය කොන්ත්‍රාත් දීලා 

2018-01-14 05:02:00       255
feature-top
චීන සමාගමකින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 12ක් (ඇමරිකානු ඩොලර් මිලියන 80 ක) වටිනා දුම්රිය කට්ටල 09ක් ගෙන්වීමට කොන්ත්‍රාත්තුවක් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා පවසයි.

මේ කට්ටල් සඳහා දුම්රිය එංජිම ඇතුළු විවිධ මැදිරි 09ක් පමණ ඇතුළත්වනු ඇතැයිද පැවසේ.

එම දුම්රිය කට්ටලවල එංජිම ඇතුළු සියළු මැදිරි වායුසමනය කර ඇති බවත්, ඒවායේ සවිකර ඇති තිර මත ඊළඟ දුම්රිය ස්ථානයත් ගමනාත්ය දක්වා වැයවන කාලයත් සටහන්වන බවද වාර්තා වේ.

එම දුම්රිය කට්ටල මේවසරේ නොවැම්බර් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ දුම්රියවල එන්ජින් හා මැදිරි සඳහා දෙවසරක වගකීමක්ද, යාන්ත්‍රික කොටස් හා විද්‍යුත් කොටස් සඳහා වසර 05ක වගකීමක්ද ලැබෙන ද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ජගත් ටෙන්ඩරයක් මගින් චීන සමාගම තෝරාගෙන ඇති බව පැවසේ.

ඇමරිකාවටත් දුම්රිය ටෙන්ඩරයක්

මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 4 බැගින් වන දුම්රිය එන්ජින් 12 ක් මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 48ක ටෙන්ඩරයක් ඇමරිකානු සමාගමකට ඇති බවද ඔහු කියා සිටියේය.

එම දුම්රිය එංජින් වසරක් තුළ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

මෙම ගණුදෙණු සිදුවන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයකට ඩොලර් මිලියන 105 ක් (රු. බිලියන 15.7 ක්) බලවේග කට්ටල 06ක්, එංජින් 10ක්, තෙල් ටැංකි 30ක් ගල් අඟුරු ප්‍රවාහනය සඳහා කන්ටේනර් සහිත පෙට්ටි 20ක් හා දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමේ තීන්දුවට අමතරව බවයි.

මෙම තොගයද මේවසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »