අලුත් පාස්පොර්ට් එකේ චිප්එකක්
2018-01-14 12:38:00  ★ 123

මෙම වසරේ නිකුත් කිරීමට නියමිත නව විදේශ ගමන් බලපත්‍රයේ එහි හිමිකරුගේ පෞද්ගලික තොරතුරු ගබඩා කළ හැකි ක්ෂද්ර චිපයක් අඩංගු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන හා විගමන පාලක නිහාල් රණසිංහ මහතා පැවසුවේ නව විදේශ ගමන් බලපත්‍රයේ ඇති නව්‍යතා හේතුවෙන් ව්‍යාජ විදෙස් ගමන්බලපත්‍ර සකස්කිරීමට ඇති ඉඩකඩ විශාල වශයෙන් අහුරා ඇති බවයි.
මයික්‍රෝ චිපයේ ඇඟිලි සලකුණු ඇතුලු පෞද්ගලික තොරතුරු ගබඩා කර ඇති බැවින්, ලේඛන අහිමිවූ අවස්ථාවකද හිමිකරුට පහසුවෙන් නව ලේඛන ලබාගැනීමට අවස්ථාව උදාවන බවද ඔහු කීය.
අතිරේක ආරක්ෂණ සලකුණු හේතුවෙන් එම ගුවන් ගමන් බලපත්‍රයට ලෝකයේ ඉහල පිළිගැනීමක් ලැබෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පල කළේය.
මෙම ගමන් බලපත්‍රය අවුරුදු 10 ක් වලංගු වේ.
අලුතින්ම ගුවන් ගමන් බලපත්‍රයක් ගන්නා අයට ඊට අදාළ අතිරේක තොරතුරු රැගෙන මෙම නව ගුමන් ගමන් බලපත්‍රය මුළින්ම නිකුත්කරන බවත්, පරණ ගුවන් බලපත්‍ර ඇති අයට එහි වලංගු දිනය අවසන් වන තෙක් එය භාවිත කළ හැකි බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)
තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com