වතුකරය තෛපොංගල් දිනය උත්කර්ෂවත්ව සමරයි

2018-01-14 09:59:00       553
feature-top
අදට (14) යෙදි ඇති තෛපොංගල් දිනය වතුකරයේ ජනතාව ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් උත්කර්ෂවත් ලෙස සමරයි. 

හින්දු භක්තිකයන් නව වසරක ආරම්භය තෛපොංගල් වශයෙන් හදුන්වනු ලබයි. 

වතුකරයේ තෛපොංගල් දිනයේ ප්‍රධාන ආගමික උත්සවය හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් කෝවිලේ දි එහි ප්‍රධාන පුජක තුමන්ගේ ධානත්වයෙන් අද (14) අලුයම පැවැත් විය. 

තෛපොංගල් දින සියළු ධාන්‍ය වර්ග වලින් සමන්විත කිරි බතක් පිළීයල කර දෙවියන්ට පුජා කිරිමෙන් අනතුරුව තෛපොංගල් දින ආගමික උත්සවය පැවැත් විය. 

මෙම උත්සවයට හින්දු භක්තිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අතර තෛපොංගල් දිනයේ දෙවන දිනය වන හෙට (15)  දින ගොවිතැනේදි ගොවියාට සක්ක්‍රීය දායකත්වයක් සපයන ගොවියාට උපහාර දැක්විමක් සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »