බැඳුම්කර වංචාව ගැන නඩු දාන්න යන අල්ලස් කොමිසමට නව නිලධාරීන් 300ක්
2018-01-13 07:37:00  ★ 132

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයකු පැවසුවේ. ඒ අනුව අදාළ කමිටුව මගින් වාර්තාව අධ්‍යයනය කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට විශේෂඥ විමර්ශන නිලධාරීන් සහ නිවාරණ නිලධාරීන් 300 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එම බඳවා ගැනීම් සඳහා මේ වනවිට රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අනුමැතිය හිමිවීමෙන් පසු විශේෂඥ විමර්ශන නිලධාරීන් 250 දෙනෙකු සහ නිවාරණ නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට නියමිතව ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයකින්.
මේ දක්වා අල්ලස් කොමිසමේ සේවයට කිසිදු විශේෂඥ විමර්ශන නිලධාරියෙකු නොමැති බවද කොමිසමේ අධ්යක්ෂ ජනාරාල්වරයා කියා සිටියා. එමෙන්ම කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ගත වී ඇති වසර 23ක කාලය තුළ කොමිසම ස්ථාපිත කළ පනතට කිසිදු සංශෝධනයක් සිදු කර නැහැ.
තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com