බීලා රිය පැදවූ පළාත් පාලන අපේක්ෂකයාට වුණ දේ මෙන්න

2018-01-12 04:23:00       267
feature-top
බීමත්ව රිය පැදවීමේ චෝදනා එල්ල වූ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

ඊට අමතරව සැකකාර අපේක්ෂකයාගේ රියදුරු බලපත්‍රය මාස 03කට අත්හිටුවීමට ද තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීශානී මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණෙන් නොච්චියාගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු බව සඳහන්ය.

නොච්චියාගම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී බීමතින් නීති විරෝධී ලෙස පෝස්ටර් අලවමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »