අටපිරිකර අතුරුදහන් කරවන ගමේ උපාසක තැන පන්සලේ CCTV කැමරාවට මාට්ටු
2018-01-12 03:04:00  ★ 131

නාවලපිටිය පොලිස් වසමට අයත් වරකාවේ ශ්‍රී සුන්දරාරාම පුරාන විහාරස්ථානයේ කාලයක් තිස්සේ අතුරුදහන්වන අංග සම්පුර්ණ වටිනාකමින් ඉහළ අටපිරිකර සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධීපති කැන්දගොල්ලේ සුදර්මානන්ද හිමියන් විසින් ඊයේ (11) නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණීල්ලක් මත පොලිසිය විසින් විශේෂ විමර්ෂනයක් ආරම්භ කර තිබේ.
දානමය පිංකම් වලදී දානමය පිංකම් වලදි දායකයන් විසින් පුජා කරන අටපිරිකර එහි විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ආවාසගෙය තුල තැන්පත් කර තබන අතර එම අටපිරිකරවල් වලින් අංග සම්පුර්ණ ඉතා වටිනාකමින් ඉහළ අටපිරිකරවල් පමණක් අතුරුදහන් වි තිබේ.
මේ අනුව උන්වහන්සේ විසින් පුරාණ විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා සවිකිරිමෙන් පසු ඊයේ (11) දහවල් 11.46 ට පමණ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දෙසින් විහාරස්ථානයට ඇතුළු වන අයෙකු විසින් තායිලන්තයෙන් මෙම විහාරස්ථානයට පුජා කරන ලද අටපිරිකර එම විහාරස්ථානයට ඇතුළු වු පුද්ගලයා විසින් සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබිණි.
එම අවස්ථාවේ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දානමය පිංකමක් සඳහා විහාරස්ථානයෙන් පිටතට වැඩම කර සිට ඇති අතර එම විහාරස්ථානයේ වැඩම කර සිටින සාමනේර දෙනමක් විහාරස්ථානයේ බුද්ධ පුජාව පවත්වමින් සිට ඇති බව පැවසේ.
අටපිරිකර සොරාගත් අය විසින් විහාරස්ථානය ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගත් ති‍්‍රරෝද රථයකින් පිටව යන ආකාරයක් ආරක්ෂිත කැමරා වල සටහන් වි තිබිණි.
(under the courtesy of adaderana.lk news web)
තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com