ලංකාවේ තවත් සමනළ විශේෂයක්

2018-01-12 12:45:00       126
feature-top

ඉන්දියාවේදී පමණක් දැකිය හැකි බවට මෙතෙක් විශ්වාස කළ සමනළ විශේෂයක් ශ්‍රී‍ ලංකාවෙන් ද සොයා ගැනීමට සමනළයින් පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය මයිකල් වැන්ඩ පූටන් සමත් වෙයි.

‘ශිවා සන්බීම්’(කුරේටිස් ශිවා) නම් වන එම සමනළ විශේෂය තෙත් කළාපීය වනාන්තරවල නැදුන් ගස් ආශ්‍රිතව දැකිය හැකි බව ඔහු කියා සිටී.

ඔවුන්ගේ ලාවා සමයේ ආහාරය වන්නේ නැඳුන් පත්‍රය.

මෙම සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගෙන ඇති සමනළ විශේෂ සංඛ්‍යාව 248ක් වන්නේය.

ඉන් විශේෂ 31ක් මෙරටට ආවේනික වේ.

ක්ෂේත්‍රයේ වසර 40කට අධික පළපුරුද්දක් ඇති ආචාර්ය වැන්ඩ පූටන්, එතෙක් සොයාගෙන තිබූ සමනළ විශේෂ 247 සම්බන්ධයෙන් විස්තරාත්මක ග්‍රන්ථයක් 2016දී තම බිරිඳ වන නැන්සි ද සහාය කරගෙන එළිදැක්වීය.


(under the courtesy of srilankamirror.lk news web)

More News »