ෆිට්නස් ටෙස්ට් එකෙන් මැතිවුස් සමත් වෙයි

2018-01-08 01:49:00       117
feature-top
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය වෙනස් වීමට නියමිත බව සදහන් ය. තේරීම් කමිටුව සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡා වලට අනුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජලො මැතිවුස් නායකත්වය සදහා යෝජීත නම් අතර වෙයි. කෙසේ වෙතත් නායකත්වය සදහා ඇන්ජලෝ මැතිවුස් පත් කිරීමට ප්‍රධාන බාධකයක් වූයේ මැතිවුස්ගේ සෞඛ්‍යය තත්වයයි.

ඇන්ජලෝගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමට ඊයේ (07දා) පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්  ඇන්ජලෝ මැතිව්ස්  සමත්ව ඇති වාර්තා වෙනවා. ඒ අනුව 2019 එක්දින ලෝක කුසලානය තෙක් එක්දින තරග සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

මීට පෙර වාර්තා වූයේ මැතිව්ස් යම් හෙයකින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූයේ නම් වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට 2019 එක්දින ලෝක කුසලානය තෙක් එක්දින තරග සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද පැවරීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබූ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පිරිනමනවාද එසේත් නැතිනම් එය දිනේෂ් චන්දිමාල්ට ලබාදෙනවාද යන්න අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත්තේ හෙට (09දා) දිනයේදීය.

(under the courtesy of nethgossip.lk news web)

More News »