ඩොලරය ඉදිරියේ රුපියල දණ ගැස්සූ මහ මොළකරු ගෙදර යයි

2018-01-08 09:16:00       121
feature-top
අප්‍රිකාව, ආසියාව, නැගෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව ආදියෙහි නැගී එන නව වෙළෙඳපොළ හඳුනා ගනිමින් ඉහළ ආයෝජන ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ ප්‍රමුඛයා වූ Franklin Templeton ආයෝජන අරමුදලේ ප්‍රධානියා වන මාර්ක් මෝබියස් 2018 ජනවාරි 31 දින සිට එම අරමුදලෙන් විශ්‍රාම ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

1987 දී Franklin Templeton ආයෝජන අරමුදල හා එක් වූ ඔහු එයින් සමුගන්නේ වසර 30 ක් පුරාවට සිය දැනුම හා අත්දැකීම් තුළින් එම අරමුදලට විශාල දායකත්වයක් ලබා දීමෙන් අනතුරුවය.

2017 මාර්තු 31 දින වන විට ඇමරිකානු ඩොලර් බිලියන 740 ක වත්කම් මෙම අරමුදල යටතේ කළමනාකරණය වෙමින් පවතින බව සඳහන් වේ.

පසුගිය රජය සමයේ මෙරට බැඳුම්කර වෙළෙඳපොළ වෙත ද මාර්ක් මෝබියස් ගේ අවධානය යොමු වූ අතර එහිදී විශාල වශයෙන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනයට ඔහු සිය අවධානය යොමු කළේය. කෙසේවෙතත් නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ඔහු සිය ආයෝජන ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් වරක් රජයේ අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය රජය විසින් බැඳුම්කර උකස් තියා මාක් මෝබියස් මහතාගෙන් ණය ගැනීම නිසා රුපියල කඩා වැටුණු බවයි. එලස ගත් ණය මේ වන විට කල්පිරී ඇති හෙයින් ඒවා යළි ගෙවීමට සිදුවීම මීට හේතුව ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ 2016 මාර්තු 28 වෙනිදා පැවති මධ්‍ය හමුවක දීය.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

මේ අතර 2015 අගභාගයේ දී මාර්ක් මෝබියස්, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට ද ඔහු සිය සංචාරය අවස්ථාවක් කර ගත්තේය. පහත දැක්වෙන්නේ එම සංචාරය අතරතුර දී ගත් ඡායාරූපයකි.

(under the courtesy of adaderana.lk news web)

More News »