යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් රැගත් නැවක් කොළඹ වරායට

2018-01-08 09:10:00       699
feature-top
යූරියා මෙට්‍රික් ටොන් 50,000ක් රැගත් නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ රවි ක්‍රිශාන් ජයවර්ධන මහතා සඳහන් කළේ, අදාළ පරීක්ෂා කිරීම්වලින් පසුව එම පොහොර තොග බෙදා හරින බවයි.

මේ අනුව අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට සහ මහියංගණය යන ප්‍රදේශවලට එම පොහොර තොග පිටත්කර යැවෙනු ඇති.

ඒ අනුව පළමු පොහොර මෙට්ට්‍රික් ටොන් දහසය දහසක තොගයක් ඉදිරි දින 03 ක් ඇතුළත බෙදා හැරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »