රාජගිරියේ ඇති අධික වාහන තදබදයට අද සිට ලැබෙන විසඳුම මෙන්න

2018-01-08 08:47:00       744
feature-top
රාජගිරිය ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කෙරෙනවා. 

ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ගුවන් පාලමේ දිග මීටර 540කට ආසන්නයි. එය ඉදි කිරිම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 4.5ක්.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි සඳහන් කළේ "අපි අධීක්ෂණය කර බැලූ ආකාරයට මේ ගුවන් පාලම නිසා එහි පිරිවැය ඉන්ධනවලින් පමණක් වසර 03ක් ඇතුළත පියවා ගැනීමට හැකි වනවා. පසුගිය කාලයේ මේ ආශ්‍රිතව තිබූ අධික රථවාහන තදබදය නිසා ජනතාවගේ ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගියා. ඒ විතරක් නෙමෙයි මීට සමගාමීව තවත් මාර්ග 04ක් නවීකරණය සැළසුම්ක කළා. බුත්ගමුව මාර්ගය, බොරැල්ල - නාරහේන්පිට මාර්ගයට සමාන්තර මාර්ගයක් ලෙස මැක්ඩොනල්ඩ්ස් එක ඉදිරියෙන් ඇති මාර්ගය සංවර්ධනය කෙරෙනවා. දේවි බාලිකා වටරවුමේ සිට කනත්ත වටරවුමට නොයා නාරහේන්පිට පැත්තට යන්න පුළුවන් විදිහට සුසාන භූමිය වටේ මාර්ගයක් ඇති කිරීම, රාජගිරිය බෝ ගස අසළ සිට ඇති මාර්ගය.. ආදී වශයෙන් මෙම මාර්ග සංවර්ධනය කෙරෙනවා." යනුවෙනි..

ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු රාජගිරිය නගරයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

More News »