මැතිවරණ නීති කඩකිරීම් 24ක්

2018-01-03 05:09:00       716
feature-top
පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (03) රැස්විය.

පෙරවරු 10.30ට පමණ කොමිසම රැස්වු අතර ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ජා කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලය තුළදී මැතිවරණ කොමිසමට පැමිණිලි 253ක් ලැබී ඇත.

එමෙන්ම පැෆරල් සංවිධානයට ද මේ වන විට පැමිණිලි 154ක් ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පසුගිය මස 9 වනදා සිට මේ දක්වා කාලය තුළදී පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි 75ක් ලැබී ඇත.

ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24ක් සහ මැතිවරණ පැමිණිලි 21ක් ඇතුලත්ය.

(under the courtesy of asianmirror.lk news web)

More News »