ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තාට ට්‍රම්ප් නමින් දුමිරිය ස්ථානයක්

2017-12-28 11:04:00       551
feature-top
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.

එරට ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත්තේ මධ්‍යම ජෙරුසෙලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් පවතින අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නමින් නම් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ජෙරුසෙලම පිළිබඳ පසුගිය කාලසීමාව තුළ මතභේදයක් ඇති වූයේ එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර මෙම තීරණය මගින් ඉස්ලාම්, යුදෙව් සහ ක්‍රිස්තියානි යන ආගම් තුනෙහිම මූල බීජයන් පවතින ජෙරුසෙලමේ විවිධත්වය ජනපති ට්‍රම්ප් විසින් නොසලකා හැරීම පිළිබදව ජගත් ප්‍රජාවෙන් දැඩි විවේචන එල්ල විය.

(under the courtesy of adaderana.lk news web)

More News »