සියලු චක්‍රලේඛන සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2017-12-24 12:53:00       747
feature-top
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල පාසල් ප්‍රධානීන් පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාමාර්ගය ගත් බවයි.

දුෂ්කර පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන දීමනා ඉහළ නැංවීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමි වූ බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු ලබන ජනවාරි 03 වන දා සිට ජනවාරි 12 වන දා දක්වා සිදු කිරීමට නියමිත වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රධාන පරීක්ෂක රැස්වීම් අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර සියලුම ප්‍රධාන පරීක්ෂකරුවන් ඔවුන්ගේ කැඳවීම් ලිපි අනුව අදාළ ප්‍රධාන රැස්වීමට හා විෂය රැස්වීමට සහභාගී විය යුතු බවයි.

ප්‍රධාන පරීක්ෂක රැස්වීම් ලබන 28, 29 සහ 30, 31 යන දිනවල කොළඹ රාජකීය විද්‍යාලයේ සහ තර්ස්ටන් විද්‍යාලයේ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසුවේ ය.

(under the courtesy of newsfirst.lk web)

More News »