ජනපතිට කියන්න වැඩසටහන සම්මානයෙන් පිදුම් ලබයි
2017-12-12 07:49:00  ★ 683

මහජන ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කරමින් විසදුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ජනපතිට කියන්න” වැඩසටහන පසුගියදා “ඊ ස්වාභිමානි” රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
තොරතුරු තාක්ෂණය පොදු ජන සේවය වෙනුවෙන් උපරිමයෙන් භාවිත කිරීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් මෙම සම්මානය ලබාදී ඇති බව සඳහන්ය.
ඒ අනුව එම සම්මානය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
“ ජනපතිට කියන්න” වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් හඳුන්වා දුන්නේය.
රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක් ගැනිවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිවරයා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ වේ.
මහජනතාවට 1919 දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ විද්‍යුත් තැපෑල, ලියාපදිංචි තැපෑල යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත මෙම පැමිණිලි ඉදිරිපත් කල හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම වැඩසටහනට මේ වන විට පැමිණිලි එක් ලක්ෂ 64,504 ක් ලැබී ඇති අතර ඉන් විසඳුම් ලබාදුන් පැමිණිලි සංඛ්‍යාව 62,351 ක් බව සඳහන්ය.
තවත් පැමිණිලි 59,351 ක් විසඳමින් පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් - බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න
2019-12-10 08:53:00ඇමරිකා මිලේනියම් ගිවිසුමේ 70% අවුලක් නෑ.. 30% අවුල්..- ගම්මන්පිල
2019-12-09 05:15:00ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…
2019-12-09 05:13:00 රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරග තහනමක්
2019-12-09 05:11:00
ස්විට්සර්ලන්ත නිලධාරිනිය ප්‍රකාශයක් දීමට යළි CID යට
2019-12-09 05:10:00 අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තහනම් කිරීමට පියවර ගන්නවා : අමාත්‍ය මහින්ද අමරවීර
2019-12-09 03:40:00
"පක්ෂයේ තනතුරු සමගියෙන් බෙදා ගමු" - කිරිඇල්ල
2019-12-09 01:56:00ඉවත්වී නොමැති රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල වෙත යළි දැනුම්දීමක්
2019-12-09 01:55:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com