බවුසරයේ රෝදයක් ගැලවී විසිවී යයි - රියදුරාගේ දක්ෂතාවයෙන් වෙන්නට ගිය මහා විනාසයක් වැලකෙයි

2017-12-06 08:38:00       739
feature-top
මුතුරාජවෙල සිට කොටගල ඛනිජතෙල් නීතිගත තෙල් ගබාඩ සංකීර්ණය දක්වා ඩිසල් ලීටර් තිස්තුන්දහසක් ප‍්‍රවහානය කළ බවුසරයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල දියගල ප‍්‍රදේශයේදි අනතුරට පත්වි ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසයි.

අද (06) අළුයම 1.00 ට පමණ ධාවනය වෙනමින් තිබු එම බවුසරයේ පිටුපස රෝදයක් ගැලවී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

එම රෝදය ගැලවී යෑමෙන් මාර්ගයේ ආරක්‍ෂිත බැම්මද කැඩී ගොස් ඇති අතර ඉන්ධන බවුසරයේ රියදුරාගේ දක්ෂතාවය මත සිදුවිමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනිමට හැකි වු බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එම ඉන්ධන බවුසරයේ ප‍්‍රවහානය කළ ඉන්ධන වෙනත් බවුසර් රථ මගින් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත ප‍්‍රවහානය කිරිමට කටයුතු කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »