ඒකාබද්ධ විපක්ෂයේ තීරණාත්මක විශේෂ රැස්වීමක් හිටපු ජනපති ප්‍රධානත්වයෙන්

2017-12-06 07:33:00       737
feature-top
ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවත්වෙන බව වාර්තා වේ.

අද පස්වරු 05.00 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර  ඊට එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එළඹෙන පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇති බව ද වාර්තා වේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේදී ද පැවැත් වී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »