පළමු ඉලක්කය මම-ඊට පස්සේ පවුල-ගෝඨව ළඟදීම ගන්නවා

2017-11-21 09:20:00       680
feature-top
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 20 වන සමෘද්ධි සම්මේලනය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන දේශපලනඥයින් ඇතුළු සියලු දෙනා සිරගත කිරීමේ  ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

වත්මන් ආණ්ඩුව කෙතරම් පළිගන්නවා ද කියතොත් අද වන විට එහි පළමු ඉලක්කය තමා බවත් ඉන් අනතුරුය සිය පවුලේ සමාජිකයින් වන බව ද ඔහු කියා සිටියේය.

එනිසා ඉදිරියේ දී මොවුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත හැකි බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, රජයට හා ව්‍යවස්ථාවට විරුද්ධව එළිය සංවාද කවය විසින් රට පුරා සංවාද පැවැත් වු බවත්, එය වැළැක්වීමට නොයෙක් දේ රජය සිදු කරනු ලබන බවත්ය.

කෙසේ වෙතත් අද වන විට FCID රජයේ උවමනාව ඉටු කරමින් පවතින ආයතනයක් බවට පත්ව ඇති බවත් අධිකරණයද අද වන විට නොමඟ ගොස් ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »