අපි ආවේ අපේ මුණ පෙන්නලා-මහින්දගේ මුණ පෙන්නලා නෙමෙයි

2017-11-03 01:07:00       686
feature-top
පසුගිය ජනාධිපතිවරණයේ දී තම මුහුණ පෙන්නමින් ජයග්‍රහණය කළ පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා පැවසුව ද තමා ඇතුළු සෙසු පිරිස පාර්ලිමේන්තුවට පැමිණියේ තම මුහුණ ජනතාවට පෙන්වීමෙන් පමණක් බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගමේ ජනතාව අතරට ගියේ තමාගේ මුහුණ පෙන්වමින් බව ද ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය උපරිම ලෙස ජයග්‍රහණය කිරීමට සුදානමින් සිටින බවත්, සමහරු පවසන පරිදි සන්ධාන ගත වීමට කිසිදු අදහසක් නොමැති බවත්, කිසිවිටෙකත් එජාප ය සමඟ එක්ව ඡන්දයට ඉදිරිපත් නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තරයේ කියා සිටියේය.

ආණ්ඩුවක් වශයෙන් එක්ව සියයට 50 හොඳ හා නරක වශයෙන් ප්‍රතිලාභ ලබමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ද කිසිවිටෙකත් එජාපය හා එක් නොවන බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධයට බැසිල් රාජපක්ෂ මහතා සිටින තුරු එක් විය නොහැකි බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »