බලය තියෙන පැත්තෙන් කෙනෙක් පුංචි ඡන්දෙන් පත් කර ගන්නැයි දුමින්ද කියයි

2017-11-03 11:53:00       712
feature-top
ගමට මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමේදී ආණ්ඩුවේ බලය හිමි දේශපාලන පක්ෂයෙන් තෝරා ගැනීමෙන් ගමට මෙහෙවරක් ඉටු කර ගත හැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුව විසින් ලබා දෙන ප්‍රතිලාභ නිසි ලෙස ගමේ ජනතාවට භුක්ති විඳීමට සැලසීම ලැජ්ජාවට හෝ අයහපත් ක්‍රියාවලියක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනවාරි මාසයේ අග පැවැත් වීමට නියමිත පුංචි ඡන්දයේ දී පැහැදිලි ලෙසම ගමට වැඩක් කළ හැකි පුද්ගලයෙක් පත් කළ ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

නමුත් ගමින් පත් කර ගන්නා වු පුද්ගලයා ගමට වාසි සහගත වුවද සෙසු ගම්මානයන්ට එයින් පාඩුවක් සිදුවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. පොදුවේ සහභාගී වී සිදු කරන ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ දායකත්වය අඩු බවක් මෙම කාලයේ දක්නට ඇති බව ද දුමින්ද දිසානායක මහතා පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »