ලංකාවේ හෙරොයින් පරිහරණය සියයට 63 දක්වා ඉහළට

2017-11-03 11:52:00       722
feature-top
මෙම වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලය තුළ පුද්ගලයින් වැඩි පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එය සියයට 63ක් ලෙස වාර්තා වී ඇති බව එම මණ්ඩලයේ  ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දුම්කොළ, කංසා, විවිධ වර්ගයේ මත්පෙති සහ හෂිෂ් වැනි මත්ද්‍රව්‍යය භාවිතය සඳහා සියයට 34ක ප්‍රමාණයක් යොමු වී ඇති බව සඳහන් වෙයි.

මේ අතර මත්ද්‍රව්‍යයක භාවිතය සම්බන්ධයෙන් මේ වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලය තුළ පුද්ගලයින් 3200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »