ආත්‍රයිටිස්‌ රෝගීනට සාරණ හරිම ගුණයි

2017-09-12 09:44:00       619
feature-top
ප්‍රශ්නය - ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගය ගැන නැවත වරක්‌ සිහිපත් කර දීමේ ලිපියක්‌ අප පසුගිය සතියේ ලිව්වා.

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී වැදගත් කරුණක්‌ මතක්‌ කර දිය යුතුයි, පාඨකයාගේ දැන ගැනීම පිණිස. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ නරක්‌කර ගත්තොත් උකුල් ඇටය සහ දණහිස්‌ පොල්කටුව සැත්කමක්‌ මගින් බද්ධ කිරීමට සිදු වෙනවා. උදාහරණයක්‌ හැටියට ගත්තොත් වසර 2015 දී ඇමරිකානුවන් හයලක්‍ෂයකට අලුතෙන් උකුල් ඇට බද්ධ කරන්නට සිදුවුණා මේ රෝගය නිසා. ඒ වගේම ඇමරිකානුවන් දහහතරලක්‍ෂයකට අලුතින් දණහිස්‌ පොල්කටු බද්aධ කිරීමට සිදුවුණා. මා ඇමරිකාව උදාහරණයට ගත්තේ ඒ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ හැම දෙයක්‌ ගැන ම සංඛ්‍යාලේඛන තිබෙන නිසයි. ලංකාවේ එවැනි තත්ත්වයක්‌ නැති නිසා උදාහරණයට ගන්න බැහැ.

ප්‍රශ්නය- මේ රෝගය සම්බන්ධයෙන් ආයුර්වේද ප්‍රවේශය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ නැහැ කිසිද ුරෝගයක්‌ සුව කරන්න බැහැ කියලා. ඕනෑම රෝගයක්‌ එක්‌තරා අවස්‌ථාවකදී සුව කරන්නට ආයුර්වේදයට පුළුවන්. ඒ නිසයි ආයුර්වේදයේදී කියන්නේ ඕනෑම රෝගයක්‌ ආරම්භයේදී වෛද්‍යවරයා හමුවෙන්න කියලා. ඒ වගේම ආයුර්වේදයේ කියෑවෙනවා ඕනෑම ලෙඩකට ශාකසාර ඖෂධ තිබෙන බව. මෙයට වසර දහස්‌ ගණනකට පෙර ජීවත් වූ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු වූ රාවණ රජතුමා හඳුනාගෙන තිබෙනවා ශාක වර්ග 5999 ක්‌ ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් යොදා ගත හැකි බව. ශාකසාර ඖෂධ වගේම භාවනා ක්‍රම සහ යෝග අභ්‍යාසත් ආයුර්වේද ප්‍රතිකාරයට එකතු වනවා. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ රෝගය ගත්තොත් එයට ඉතාම හොඳ ප්‍රතිකාරයක්‌ වශයෙන් ක්‍රියාකරන්නට සාරණවලට පුළුවන්.

ආත්‍රයිටිස්‌ ප්‍රදාහය ඇති කරන ප්‍රමුඛ එන්සයිමය වන 5-lipoxygenase පරදවන්නට සාරණවලට පුළුවන්. ඒ වගේම කහවලට පුළුවන් Lipoxygenase, cyclo oxygenase, phospholipase 2 යන එන්සයිම පරදවන්න. අශ්වගන්ධ හෙවත් අමුක්‌කරාවලට පුළුවන් ආත්‍රයිටිස්‌ ප්‍රදාහය ඇති කරන අංශු විනාශ කරන්නට. ඉඟුරු, අරළු, බුලු, නෙල්ලි යන ඖෂධ තුළත්a ඉහත සඳහන් ගුණය තිබෙනවා. ආත්‍රයිටිස්‌ ඖෂධවලට හාතවාරිය ඇතුළත් කළාම ශරීරයට සිසිල් ගුණය ලැබෙනවා. භාවනාව මගින් පුළුවන් ආත්‍රයිටිස්‌ වේදනාවට එරෙහිව හිත යොදවලා එය දමනය කරන්නට. ඒ වගේම රෝගය නිසා හටගන්නා ආතතිය නැති කරන්නටත් භාවනාවට පුළුවන්.

ප්‍රශ්නය - හැම සතියේම ඔබ අපට කසායක්‌ දෙනවා. ඒ මගින් ආත්‍රයිටිස්‌ වේදනාව නැතිකර දීම තමයි අරමුණ. හැබැයි රෝගය නිට්‌ටාවට සුව කර ගන්න නම් ඖෂධ පන්තියක්‌ පාවිච්චි කළ යුතුයි. ඔබ අපට මෙවර දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - අරළු, කලාඳුරු අල, පාවට්‌ටා මුල්, කිරිබදු අල, හාතවාරිය අල, රසකිඳ, බැවිල මුල් කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා, එය කෝප්ප 1 ට සිඳ පෙරා අනුපාන වශයෙන් සීනි හෝ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ පානය කළ යුතුයි. එනම් කසාය හැලි 12 යි.

More News »