TharunayaSinhala News →sinhala news → 2017-08-13 04:49:00

 තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා
2017-08-13 04:49:00
Views : 446

මැදවච්චිය, තඹලගොල්ලෑව වැව් බැම්ම මත දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වැව් බැම්ම මත ඝාතනය  ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක්  ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත  මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය.

මළ සිරුර සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ  පරීක්ෂණය අද(13) සිදුකිරීමට නියමිතය.

ඝාතනය සිදුකළ පුද්ගලයින් පිළිබද තොරතුරු මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.
 

(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60