TharunayaSinhala News →sinhala news → 2017-07-25 09:18:00

අලුත්ම පුහුණුකරුට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයේදී ලැබෙන සුවිශේෂ දේ
2017-07-25 09:18:00
Views : 401

තම කණ්ඩායමට පිටියේදී පූර්ණ නිදහස ලබාදීමට සූදානම් බව ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී ප්‍රකාශ කළා.

ශාස්ත්‍රීට පෙර ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේට තනතුරෙන් ඉවත්වීමට සිදුවූයේ කණ්ඩායම සමග මතගැටුම්වලට එළඹීම හේතුවෙන්.

ශාස්ත්‍රී සඳහන් කළේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාසයෙන් තරග වැදීමට අවස්ථාව සැළසිය යුතු බවයි.

මෙම තරඟ සංචාරයත් සමඟ රවී ශාස්ත්‍රී ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ මතකයන් ත්‍රිත්වයක් ඔහුට ලැබෙනවා.

වයස අවුරුදු 18 දී තමාගේ පළමු විදෙස් චාරිකාව ශ්‍රී ලංකාව වූ බවත්, 1994 දී පළමුවෙන්ම විස්තර විචාරයට එක්වූයේ ශ්‍රී ලංකාවේදී බවත් ශාස්ත්‍රී සඳහන් කළා.

එමෙන්ම ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස තමාගේ පළමු තරගාවලිය ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟය හෙට ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60