හොද පුරුදු තුලින් හැමදාම තරුණව ඉමු

2015-05-25 03:30:00       657
feature-top
ඇත්තටම් කව්ද අකමැති ටිකක් විතර තරුණ වෙන්න නේද ? ඔබ මොන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න මෙන්න මේ දේවල් ටික එහෙනම් කරලා බලන්නකෝ.



කට ඇරලා හොදට හිනා වෙන්න
දැනට කරන ලද සමීක්ෂණ රාශියකින් හොයා ගෙන තියෙනවා නිරන්තරයෙන් හොද ට කට ඇරලා හිනා වෙලා ඉන්න මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වගේම ගොඩක් කල් තරුණ බවින් ඉන්නත් පුළුවන් වෙනවා කියලා.එක නිසා ඔයාලත් පුළුවන් තරම් හැමෝමත් එක්ක හිනා වෙලා ඉන්න බලන්න.

හොද  පවුල් ජිවිතයක්
ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ දිනපතා ඉතා ආදරබර ලෙස ඔබේ සහකරු හෝ සහකාරිය සමග ලිංගික සංසර්ගයේ යෙදීම තුලින් වයසට යන එක ප්‍රමාද කරලා ගොඩක් කල් තරුණව ඉන්න පුළුවන් වෙනවා කියන එකයි.මෙතැනදී ඇත්තටම  අපේ තරුණ බව රැකෙන්නේ  අපේ සිතට වන බලපෑමෙන්. සිත තෘප්තිමත් තියා ගෙන ජීවිතේ ගැන හොද සතුටකින් ඉන්න හොද පවුල් ජිවිතයක් ගොඩක් වැදගත්

 
නිතරම ධානත්මකව  සිතන්න
සිතුවිලි ගොඩක් බලවත්.අපේ හිතන පතන ආකාරය අනුව අපේ ශරීරයත් වෙනස් වෙනවා. අපි හැමදෙයක් ගැනම මහා අසුබවාදී විදියට බලනවා නම් ඉතින් අපේ සිත වගේම ශරීරයත් ඉක්මනට දුර්වල වෙනවා.මුණ කැත වෙනවා.මුහුණ යනු සිතේ කැඩපත කියලා කියන්නේ  නිකන් නෙවෙයිනේ. එක නිසා පුළුවන් තරම්  සිත ශක්තිමත්ව තියා ගන්න , හොද සිතුවිලි සිතන්න  try කරොත් අපේ ශරීරයත් හැමදාම තරුණ කමින් තියා ගන්න පුළුවන් වෙයි.

නිරන්තර ව්‍යායාම් කිරීම
ඔබ කුමන  වයසක සිටියත් කමක් නෑ.හැමදාම පුළුවන් විදියට  ව්‍යායාම් කරන්න පුරුදු වෙන්න. උදේට ටිකක් දුවන්න , දුවන්න බැරි නම් ඇවිදින්න , ක්‍රීඩාවක් කරන්න , පිනන්න. මොනවා හරි ඇග හෙලවෙන දෙයක් කරන්න . මේ තුලින් පුළුවන්  ශරීරය ලෙඩ රෝග වලින් බේරගෙන නිරෝගිව තියා ගන්න ගමන් වයසට  යන එක ටිකක් පරක්කු කර ගන්න

මානසික ආතතියෙන් මිදෙන්න
මේක ගොඩක්වැදගත් දෙයක්. මන් කලිනුත් කිව්වා නේද අපි හිතන හැටි අපේ ශරීරයට ගොඩක් බලපානවා කියලා.ඇත්තටම හිත කියන මේ ඇහැට පේන්නෙත් නැති දේ ඇත්තටම අපේ ඇගට අනවශ්‍ය දෙයක් නම් ඕක නැතිව අපේ ඇග විතරක් එක්ක අපි ඉපදෙන්න තිබ්බනේ. එක නිසා මට නම් හිතෙන්නේ සිත තරම් අපේ ශරීරයට බලපෑම් කරන තවත් දෙයක් නෑ කියලා. ඒ නිසා ඔයා නිතරම ඔයාගේ සිත මානසික ආතතියෙන් මුදවාගෙන වැඩ කරන්න බලන්න .එතකොට පුලුවන් වෙයි හැමදාමත් තරුණ බව රැක ගන්න

පෝෂණයෙන් සපිරි කෑම වේලක්
නිතරම ඔබේ කෑම මේසයට ගුණදායි පලතුරු , කොල පාට එළවලු , පලා වර්ග හා අධික මේද රහිත  සමබර හා පෝෂ්‍යදැයි  ආහාර එකතු කර ගැනීම තුලින් ඔබට ගොඩක් කල් කොල්ලා වගේ ඉන්න පුළුවන්  වේවි.ගෝවා මල් වගේ එළවලු වල තියෙන විටමින් k වගේ පෝෂක තුලින් ශරීරයට අවශ්‍ය තරමට වඩා ලේ කැටි ගැසීම /මිදීම වලක්වා සම රැලි වැටීම පරක්කු කරනවා.ඒ වගේම තක්කාලි වගේ දේවල් වල තියෙන
Lycopene වගේ සංගටක වලට පුළුවන් ඔබේ සම සුර්යාගේ අහිතකර කිරණ වලින් ආරාක්ෂා කර ගන්න.(UV Rays)


තමාගේ බාහිර පෙනුම ගැන හොද සැලකිල්ලක් දැක්වීම
ඔව් මේක ගොඩක් වැදගත්.අපි කොයි තරම් සිත සතුටු කරන් , පෝෂ්‍යදායි කෑම කාලා , ව්‍යායාම් කර කර නිකන් පෙරේතයෙක් වගේ හිටියොත් වැඩක් නෑ.ඒ නිසා වෙලාවට නාලා කරලා ශරීරය ලස්සනට තියා ගන්න පුළුවන් දේවල් කරන්න ඕනේ.beauty සැලූන් එකක් තොර ගෙන ඉදල හිටලා හරි යන්න.තව ගෙදරදී ඔයාගේ මුණ හා ශරීරයේ අනිත් දේවල් ලස්සන කර ගන්න කරන්න පුළුවන්  දේවල්  කරන්න.

More News »