"පොහොට්ටුවට චන්දෙ දුන්නත් මනාප ගහන්නේ වැඩ කරපු අයට විතරයි "

2020-02-15 11:35:00       730
feature-top
රට පුරා ජන මතයක්
මෙවර මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ඉදිරියට ගෙනයා හැකි වන පරිදි තුනෙන් දෙකේ බලයක් ලැබෙන පරිදි වැඩි චන්ද ගණනක් ලැබෙන්නට පොහොට්ටුවට චන්දයක් දමා මනාප ලකුණු කිරීමේදී පසුගිය කාලය තුළ රටට, ගමට වැඩ කළ අය පමණක් තෝරා මනාප ලකුණු කිරීමට රටම පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වේ. 
" අපේ සර්.. අර සර්.. මේ සර්.. සර්ගෙ අහවලානෙ.. කියමින් මනාප ගහපු යුගය ඉවර කරන්න ඕනෙ.." යනුවෙන් චන්දදායකයන් පෙළ ගැසෙමිනි සිටී. බොහො දෙනාගේ අදහස වී ඇත්තේ මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙතෙක් ඇඟට දැනෙන වැඩක් කළ අයත්, අලුතෙන් එක්ව සිටින උගත් බුද්ධිමත් අපේක්ෂකයන් ගැනත් විශේෂ අවධානය ලක් කළ යුතු බවත් රට පුරාම චන්දදායකයන් අතර ඇතිවෙමින් පවතින ජන මතයක් වී ඇත.
තම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තමන්ගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගොස් මේ වන විට ඇහැට පේන්නට, ඇඟට දැනෙන්නට පළාතට වැඩ කළ අය තෝරා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන බව පොදු ජනතාවගේ මතයයි. එබැවින් මෙතෙක් සම්ප්‍රදායට අනුව අපේ මහත්තයා කියමින් මනාප සළකුණු කරා වෙනුවට වැඩ කළ මහත්තුරුන් තෝරා ඉහල මනාපයන්ගෙන් මැතිසබයට යැවීමට පොදු ජනතාව පෙළ ගැසෙමින් සිටිති.

More News »