ඔබ දරුවෙක් අපේක්ෂාවෙන් සිටි නම් අනිවාර්යෙන් මේ දේවල් ටික කරන්න

2015-05-22 11:14:00       662
feature-top
ඉතින් කොහොමද යාළුවනේ . අද  ගොඩක් වැදගත් මාතෘකාවක් කතා කරන්න හිතුවා.ඇත්තටම මේ දේ ගොඩක් වැදගත් වෙන්නේ කාන්තා පාර්ශ්වයට තමයි.එත් අනිත් පැත්තෙන් මේ දේ සමස්ථ මානව වර්ගයාගේම පැවැත්ම හා සම්බන්ධ දෙයක්  නිසා කියවන හැමෝටම ගොඩක් වටීවි කියලා හිතුවා.ඔබ ගැබ්බර වී සිටි නම් හෝ කවදා හෝ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යෙන් කළ යුතු දේවල් ගැන අද අපි කතා කරමු.



ඔබ දැනටමත් ගැබ්බර වී සිටින කාන්තාවක් නම් ඔබගේ වෛද්‍යවරයා හෝ midwife විසින් නියම කල දිනට අනිවාර්යෙන්ම ඔවුන් හමු වී ඔබේ දරු ගැබට අදාල පරීක්ෂණ කර ගන්න අමතක  කරන්න එපා.මේක තමයි ඔබ මුලින්ම මතක තබා ගත යුතු වැදගත්ම දේ.නියමිත දිනට නියමිත වෙලාවට ඒ දේවල් කරන්න.ඔබට එම දින අමතක වෙනවා නම් ඒ පිලිබදව අලුත් පොතක සටහන් කර තබන්න පුරුදු වෙන්න.මොකද වර්තමානයේ අපි හැමෝම ගෙවන කාර්ය බහුල ජිවිත එක්ක ගොඩක් දේවල් ලේසියෙන්ම අමතක වෙන්න පුළුවන් නිසා.

ෆෝලික් ඇසිඩ් කියලා මිනිස් සිරුරේ DNA නිපදවීම සදහා අවශ්‍ය සෛල නිපදවීම හා වෙනත් පරිවෘතීය ක්‍රියාවලි රාශියක් සදහා ඉතාමත් වැදගත් විටමිනයක් තියෙනවා.ගැබිණි සමයේ මවු වරුන්ට පෙති වශයෙන් තමයි මේ විටමීනය ලබාදෙන්නේ.මෙම විටමිනය ඔබගේ බඩේ ඉන්න දරුවාගේ කලලයේ මොලය හා ස්නායු පද්ධතියේ වර්ධනයටද ඉතා වැදගත් වෙනවා.එක නිසා ආදරණිය අම්මේ ඔබගේ වෛද්‍යවරයා විසින් නියම කරන ලද ෆෝලික් ඇසිඩ් අඩංගු පෙති නියමිත මත්‍රාව හරි වෙලාවට ගන්න කවදාවත් අමතක කරන්න එපා.එහෙම උනොත් එක ඔබේ දරුවාට ලොකු ප්‍රශනයක් වෙයි.

ඔබ අම්මා  කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් රුබෙල්ලා එන්නත අනිවාර්යෙන් ලබා ගන්න.මොකද ඔබගේ ගර්භනී සමයේ ඔබට රුබෙල්ලා රෝගය වැළදුනොත් බඩේ ඉන්න දරුවා ගබ්සා වෙන්න පුළුවන්.දරුවා නැති උනේ නැතුව වාසනාවට බේරුනා කියලා හිතමුකෝ.එත්රුබෙල්ලා නිසා දරුවා උපදින්නේ දරුණු ලෙස අංග විකල වෙලා.ඒ නිසා මේ එන්නත නිවැරදි වෙලාවට ගන්න අමතක කරන්න එපා

ගර්භනී සමයේදී සැම මවක්ම අනිවාර්යෙන් ගතයුතු විටමින් වර්ග තියෙනවා.ඒවාට ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියන්නේ parental vitamins කියලා.ඒවාට අඩංගු වෙන දේවල් තමයි  යකඩ , කැල්සියම් , විටමින් A, C, D, E , සින්ක් හා කොපර්.ඒ වගේම අපි කලින් කතා කරමු ෆොලික් ඇසිඩ් කියන්න විටමින් එකත් මේකට අයිති වෙනවා.ඉතින් ඔබ නිරෝගී දරු උපතක් අපේක්ෂා කරන අම්මෙක් නම්  මෙන්න මේ විටමින් වර්ග ටික ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රමාණයට අහාර තුලින් හෝ පෙති හරහා ලබා ගන්න සැලකිලිමත් වෙන්න.නිවැරදි ප්‍රමාණයට විටමින් ටික ලබා ගත්තොත් ඔබට ගර්භනී සමයේදී ඇති වෙන දිය වැඩියා රෝග තත්වයෙනුත් බේරිලා ඉන්න පුළුවන් වෙයි.

ඊලග කරුණ තමයි ප්‍රෝටීන්.ගර්භනී සමයේදී සැම මවක්ම අනිවාර්යෙන් ශරීරයට  ලබා ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා.එය සාමන්‍යයෙන් 75g වගේ කියලා තමයි වෛද්‍ය වරු කියන්නේ.එත් ගොඩක් වෙලාවට 100g උනත් නිර්දේශ කරන්නත් පුලුවන්.නියමිත ප්‍රෝටීන් ප්‍රමානය ගැනීම ඔබේ කුස තුල සිටින දරුවාගේ මොලයේ වැඩිමට ඉතාමත් වැදගත් වෙනවා.ඒ වගේම ගර්භනී සමයේදී  preeclampsia කියන රෝග තත්වයෙන් වැලකි සිටීමටත් නියමිත ප්‍රෝටීන් ප්‍රමානය ගැනීම අතවශ්‍ය කරුනක්.

ඔබ නිරෝගිමත් දරුවෙක් බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් නම් දිනපතා නිසි ලෙස වයායම් කිරීමටත් උනන්දු විය යුතුමයි.හොද සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලබන්න නම් ඔබේ සෞඛ්‍ය ඉතා හොදින් පවත්වා ගැනීම අනිවා වැදගත් කරුණක්.ඒ නිසා ඔබේ midwife නෝනා එක්ක එහෙම කතා කරලා සුදුසු වයායාම් මාලාවක් අහගෙන දින පතා කරන්න අමතක කරන්න එපා.

ඔබ දන්නවද ගර්භනී සමයේදී දරුවාගේ මොලය වැඩිම සදහා මේදය අඩංගු ආහාරත් ඔබේ කැම වේලට එකතු කර ගත යුතු බව.පුදුම වෙන්න එපා. එක ඇත්තක්.හැබැයි ගොඩක් නෙවෙයි.සාමානයෙන් ගැබිණි මවක් දිනකදී මේස හැදී දෙකක මේද ප්‍රමාණයක් තම ආහාර තුලින් ශරීරයට එකතු කර ගත යුතු බව වෛද්‍යවරු පවසනවා.විටමින් A,D,E හා K වගේ පෝෂණ සංගටක ඔබේ ශරීරයට හොදින් අවශෝෂණය කරගෙන ඔබේ දරුවාගේ කලලයට අවශ්‍ය ශක්තිය ලබා දීමට තමයි මේ නියමිත මේද ප්‍රමාණය හැමදාම ලබා ගත යුත්තේ.එහෙනම් මේ දෙයත් හොදින් මතක තියා ගන්න.

kegal ව්‍යායාම කියලා ජාතියක් තියෙනවා.මේකේ සිංහල නම නම් විශ්ම ලෝකයාට හොයා ගන්න බැරි උනා.කොහොම නමුත් මේක නිකන් යෝග ව්‍යායාම වගේ එකක්.මෙන්න මේ රුපසටහන බලන්නකෝ.




මෙන්න මේ ව්‍යායාම ටික කරොත් දරු ප්‍රසුතිය ගොඩක් පහසු වෙනවා කියලා doctors ලා හොයා ගෙන තියෙනවා.

තව වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ඔබේ නිවාස තුල හැකි තරම් ස්භාවික ගස් වර්ග පෝච්චි විදියට තියා ගන්න එක.මොකද දන්නවද එහෙම කියන්නේ.අද නවීන පන්නයට හදපු නිවෙස් තුල අපි තියලා තියෙන විවිධ දේවල් තුලින් ඔබගේ දරු ගැබට හානිකර වූ chemicals අඩංගු වෙනවා,අපේ ගෙවල් වල ගලා තියෙන තීන්ත වර්ග වලින් , carpet වලින් , නිවෙස් පිරිසුදු කිරීමට යොදා ගණන් විවිධ රසායනික ද්‍රවය වලින් තමයි මේ දේවල් නිවසේ වාතාශ්‍රයට එකතු වෙන්නේ.ඉතින් ස්භාවික ගස් වර්ග කීපයක් පෝච්චි වල දාලා නිවෙස තුල තබා ගත්තොත් ඒ අහිතකර දේවල් ටික ලස්සනට අර ගස් ටිකෙන් පිරිසුදු කරලා දෙවි ඔබට කිසිම අය කිරීමකින් තොරව.ඒ වගේම ඔයාගේ ගෙදරත් ලස්සන වේවි.

ගර්භනී සමයේ ඔබ කල යුතුම තව දෙයක් තියෙනවා.ඒ ඔබගේ මනස පිරිසිදුව තබා ගන්න එක.කිසිම වෙලාවක stress වෙන්න එපා.හැකි තරම් රිනාත්මක දේවල් හිතන එක නවත්තලා ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.ඔබ හිතන පතන විදිය ඔබේ බඩේ ඉන්න දරුවාගේ මනස සකස්වීමට ගොඩක් බලපානවා.ඉතින් හැකි තරම් නිදහස් මනසක් පවත්වා ගැනීම තුලින් ශක්තිමත් මනසක් හිමි බබෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන් වේවි.



More News »