ආදරය මත්පැන් වලට ආදේශකයක්

2015-05-25 10:23:00       658
feature-top
මත්පැන් නිසා නිසා ඇතිවන ශාරීරික සහ මානසික වෙනස් කම් විවිධාකාරයි. සමහරු හරිම හැඟුම්බර වෙනවා. තවත් අය අමුතු වීරකමක් ඇති ලෙස හැසිරෙනවා. තවත් අය බොහොම කේන්ති ගිය ආකාරයට හැසිරෙනවා.

මේ සියල්ල මොලයට ඇති වන රසායනික බලපෑමක් නිසා ඇති වන දේවල්.

බ්‍රිමින්ග්හැම් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හරි අපුරු දෙයක් සොයා ගන්නට ලැබුනා. ඒ තමයි මත් පන් වලින් මේ ඇති කරන මනෝ භාවයන් ආදරය නිසාත් ඇති වන බව.

ආදරයෙන් වේලි ඉන්න පෙම්වතුන්, දරුවන්ට බොහෝ ආදරය කරන දෙමව්පියන් වගේම සුරතල් සතුන්ට ආදරය කරන අයටට්ය්හ් මේ මනෝ භාවය ඇති වන බව ඔවුන්ට සොයා ගන්නට හකි වුණා.

ඔක්සිටොසින් කියන හෝමෝනය මොලය මගින් නිපදවන විඔශේෂ හෝමෝනයක්. මෙයට ආදර හෝමෝනය කියලත් කියනවා. මෙහි ක්‍රියාකාරිත්වය මත්පැන් වල ක්‍රියාකාරිත්වයට සමාන වන නිසයි මේ සියල්ල සිදු වන්නේ. නමුත් මත් පැන් වලින් සිරුරේ සියලු ඉන්ද්‍රින්ට ඇති වන කිසිම හානියක් මේ නිසා ඇති වන්නේ නැහැ.

ඔක්සිටොසින් ගැන ඔබ දන්නවා ඇති. දරු ප්‍රසුතියකදී මව් වරුන්ට සින්ටෝ දෙනවා කියා ලබා දෙන්නෙත් මේ හෝමෝනයේ කෘත්‍රිම නිෂ්පාදනයක්.

කෙසේ නමුත් මත් පැන් වලින් ඔබ බලාපොරොත්තු වන Relax වීම නම් මේ හොමොනයෙන් ලැබෙනවා. ඉතින් සිරුරට හානි කරන මත් පැන් වලින් මත් වෙනවා වෙනුවට ආදරයෙන් මත් වුණොත් ඔබේ හිතටත් හොඳයි. ඇඟටත් හොඳයි.
(under the courtesy of asianmirror news web)

More News »