ආදරය මත්පැන්වලට ආදේශකයක්

2015-05-22 01:28:00       659
feature-top
මත්පැන් පානය කළ විට බොහෝ දෙනා හැඟුම්බර වෙති එසේම වෙන කිසිවිටෙක නැති තරම් වීරත්වයක් සහ බිය නැති බවක් කිපෙන සුලු බවක් මෙන්ම විශ්වාසීබව අඟවන ස්වරූපයක්ද ඔවුහු ප්‍රකට කරති.

මේ සියල්ල මත් බව නිසා ඇතිවන මනෝ විකාරයන් වුවත් එවැනිම මනෝමය තත්ත්වයක් ආදරය නිසාත් ඇති බන බව දැන් බ්‍රිමින්ග්හැම් සරසවියේ විද්‍යාඥ පිරිසක් තහවුරු කරගෙන තිබේ. ඔවුන්ගේ පර්යේෂණවලට අනුව ආදරයෙන් වෙළී ඉන්නා පෙම්වතුන් අතර මෙන්ම දරුවන් සිටින මව්වරු සහ සුරතල් බල්ලන් ඇති කරන අය වෙතද මෙවැනිම මනෝමය තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇත.

ආදර හෝමෝනය ලෙස හැඳින්වෙන ඔක්සිටොක්සින් රසායනය ආදරණීය හැඟීම් උද්දීපනය නිසා සිරුරේ නිපදවන්නකි. එම ඔක්සිටොක්සින් ක්‍රියාකාරීත්වය ඇල්කොහොල් ක්‍රියාකාරීත්වයට සමාන බව බ්‍රිමින්ග්හැම් සරසවියේ විද්‍යාඥයින් සිය පරීක්ෂණ හරහා අනාවරණය කර ගෙන තිබේ.

ඔවුන් පවසන්නේ මෙම මනෝමය තත්ත්වයන් නරකට මෙන්ම හොඳටද හේතුවන බවය. උදාහරණ ලෙස ඔබට සම්මුඛ පරීක්ෂණයකට යාමට පෙර ඇති බිය හෝ අවිනිශ්චිත බව නැති කර ගැනීමට ඔබ කළ යුත්තේ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග ඉතාම ආදරණීයව මොහොතක් ගත කිරීම පමණි. වැලඳ ගැනීමකින් සිප ගැනීමකින් ඔබ තුළ ඇති වන ප්‍රබෝධය මෙන්ම ඔක්සිටොක්සින් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන නිර්භය බව ඔබව අදාළ රැකියාවට සුදුස්සෙක් කරනවා නොඅනුමානය.

ඔක්සිටොක්සින් මත්පැන්වලට සමාන ක්‍රියාකාරීත්වයක් ඇති හෝමෝනයක් නිසා මත්පැන්වලට ආදේශකයක් ලෙස ආදරය තෝරා ගැනීමට ඔබට හැකිය. එය පෞද්ගලිකව ඔබේ සිරුරට මෙන්ම ‍පොදුවේ සමස්ත සමාජයටද වඩාත් හිතකර වනු ඇත.

More News »