‘කොරෝනා’ යයි සැක දෙදෙනෙක් ගුවන් තොටුපලෙන් හමුවේ.. රෝග ලක්‍ෂන මෙන්න… මැඩලන ප‍්‍රතිකාරද සොයාගනී..

2020-01-26 09:00:00       829
feature-top
චීනයේ වේගයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැකපිට ශ්‍රී ලාංකික කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවක් උණ රෝහලට ඇතුළු කර ඇත.

ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේදීය.

රෝහගේදී ඔවුන්ගේ පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් එම වෛරස් ආසාධිතයන්ද නැද්ද යන්න නිවේදනය කරනු ඇත.

මෙම වෛරස් රෝගය හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, දැඩි හිසරදය, ඇඟපත වේදනාව සහ කැස්සයි.

පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙම රෝගය බොහෝ විට පැතිරෙන අතර කැස්ස සහ කිවිසුම් යාම මගින්ද එය පැතිරෙයි.

මේ අතර විදෙස් වාර්තා පවසන්නේ චීන වෛද්‍ය කණ්ඩායමක් විසින් මේ සඳහා වන සාර්ථක ප්‍රතිකාර සොයාගෙන ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »